මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ

තවත් පැමිණිලි 233ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

ඊයේ (31) දිනය තුළ දී එම පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 233ක් මෙලෙස ලැබී තිබේ. 

ඒ අනුව පසුගිය ජුලි මස 31 වන දා සිට ඊයේ දිනයෙන් අවසන් වූ මාසයක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2460 ක් දක්වා ඉහළ ගොස් තිබේ.