දිලුම්ට MJP ජාතික සංවිධායක ධුරයක්

දිලුම්ට MJP ජාතික සංවිධායක ධුරයක්
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ව්‍යවසායක දිලිත් ජයවීර ගේ නායකත්වයෙන් යුත් 'මව්බිම ජනතා පක්ෂයේ' (MJP) ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය.
 
එයට අදාල පත්වීම් ලිපිය දිලිත් ජයවීර අතින් දිලුම් අමුණුගම කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද ලබාගත්තේය.

දිලුම් අමුණුගම 2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයයි. අමුණුගම එහිදී මනාප ඡන්ද 171,758 ක් ලබාගත්තේය.

දිලුම් අමුණුගම පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළේය.

එම පත්වීම් ලිපිය පිරිනැමීමෙන් පසුව 'මව්බිම ජනතා පක්ෂයේ' නායක, දිලිත් ජයවීර පැවසුවේ දිලුම් අමුණුගම තම පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාරගැනීම එම පක්‍ෂයේ වැදගත් සංධිස්ථානයක් බවයි.
 

Dilith Jayaweera Dilum Amunugama