අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් අද (26) පස්වරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදු කෙරුණා.
එම අවස්ථාවට මහා සංඝරත්නය සමග රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍යවරුන් මෙන්ම දේශපාලනඥයින් හා කලාකරුවන් මෙන්ම මහජනතාවද එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කර තිබූ ඇයගේ දේහය පෙරවරු 08ට පමණ කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවා.