ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට

පැය 24 තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. 

 
කෑගල්ල, වාලච්චේන, මාතලේ සහ කැකිරාව යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. 
 
කෑගල්ල - බෙරගල මාර්ගයේ දැව කඳන් පටවමින් තිබූ ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 53 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබෙනවා. 
 
වාලච්චේන ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් මියගියේ 85 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක්. 
 
මේ අතර මාතලේ - වත්තේගම මාර්ගයේ උකුවෙල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව වම් පසට ධාවනය වී මෝටර් රථයක ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා. 
 
එමෙන්ම කැකිරාව - දඹුල්ල මාර්ගයේ ඇලගමුව ප්‍රදේශයේදී මහනුවර දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ බස් රථයක, අත්ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් 49 හැවිරිදි පුද්ගලයෙකුද මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ

Search