උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට බලධාරීන් මැදිහත් නොවන බව පවසමින් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් කණ්ඩායම් දෙකක් අද (27) පෙරවරු 08.00ට ආරම්භ කළ වර්ජනය නිසා දිවයිනේ ඇතැම් රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් පරිපූරක සේවාවට අයත් වෘත්තික කණ්ඩායම් 07 ම සම්බන්ධ කරගනිමින් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට මේ වන විට සාකච්ඡා පවත්වන බවයි.
එකගතා කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් හෙට දිනයේදී පෞද්ගලික සහ විදේශිය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලත් උපාධිධාරීන් පමණක් සේවාවට බඳවාගැනීම සඳහා හෙට පැවැත්වීමට නියමිත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය නැවැත්විය යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුකරන බවයි