හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය : සැකකරුවන් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාසයට අද (මැයි 28) අවසර ලබා දුන්නේ ය.

 
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන මොහොමඩ් ෂෆ්නි නැමැත්තා මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව ද පැවසීය.
 
සිද්ධියට අදාළ නඩුව මහේස්ත්‍රාත් නිල මැදිරිය හමුවේ කැඳවුනු ලැබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් එක් සැකකරුවෙකු මුහුණ වසා ආවරණය කර ඉදිරිපත් කර තිබුණි.
 
එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මීට පෙර අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෙසු සැකකරුවන් තිදෙනා හෙට (මැයි 29) පස්වරු 2:00 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා ය.
 
තුසිත හල්ලොලුව නීතිඥවරයෙකු සමග ගමන් ගත් මෝටර් රථයකට පසුගියදා නාරහෙන්පිට ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මේ විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

Search