බිහිසුණු බස්ලොරි අනතුරක්..දෙදෙනෙකුට බරපතලයි

බිහිසුණු බස්ලොරි අනතුරක්..දෙදෙනෙකුට බරපතලයි

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදු ව තිබෙන බව වාර්තා වනවා.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දී මෙම අනතුර අද (30) අලුයම සිදු ව ඇත.

 

මහියංගණය සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයක් හා ලොරි රථයක් මෙලෙස ගැටී ඇති අතර අනතුරින් තිදෙනෙකු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර තිබේ.

 

එම තුවාලකරුවන් අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බව ද වාර්තා වේ.

Search