ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,321 පීඩාවට

ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,321 පීඩාවට

දිවයිනට බලපෑ අධික වර්ෂාව සමග ඇති වූ තද සුළං සහ අකුණු සැර හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 245 කට අයත් පුද්ගලයින් 1,321 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. 

 
ඉන් වැඩිම බලපෑමක් කොළඹ සහ හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.
  
එසේම, එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 03 ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 239 ක් වාර්තා වී තිබෙනවා. 
 
මේ අතර, නුවරඑළිය - සමර්සෙට් - ලෑන්ඩෙල් වත්ත ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් පවුල් 28ක පුද්ගලයින් 120 දෙනෙකු ඉවත් කර තිබෙනවා. 
 
ඒ අනුව, ඔවුන් අදාළ ප්‍රදේශයේ පිහිටි පාසලක රඳවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ

Search