ආහාර උද්දමනය හතර ගුණයකින් වැඩි වෙයි…

ආහාර උද්දමනය හතර ගුණයකින් වැඩි වෙයි…

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 මැයි මාසය සඳහා -0.7% ක් දක්වා වැඩි වී ඇත. එය 2025 අප්‍රේල් මාසය සඳහා -2.0% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025 මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 5.2% දක්වා වැඩි වී ඇති අතර 2025 අප්‍රේල් මාසයේ දී එය වාර්තා වූයේ 1.3% ක් ලෙසයි.

එමෙන්ම, 2025 මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 අප්‍රේල් මාසයේ දී -3.6% ක් ලෙස වාර්තා විය

Search