දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

 ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇත.

එම නිවේදනයට අදාළ වන ප්‍රදේශ පහතින් දැක්වේ.

ගාල්ල දිස්ත්‍රික්කය: - බදදේගම

මහනුවර දිස්ත්‍රික්කය:- ගඟ ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය: - ⁠අරණායක

නුවරඑළියදිස්ත්‍රික්කය: - අඹගමුව- ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය: - කිරිඇල්ල

 

Search