කොළඹ ආපදා හේතුවෙන් පහක් රෝහලට

කොළඹ ආපදා හේතුවෙන් පහක් රෝහලට

කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව තහවුරු වී ඇත.

තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වූ අතර, අප වාර්තාකරුවන් පැවසුවේ, කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් වාර්තා වූ බවය.

මේ හේතුවෙන් රථවාහනවලට ද දැඩි හානි සිදුව තිබේ

Search