2022 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 දෙනෙකු, හෙද හෙදියන් 2800 දෙනෙකු හා වෛද්‍ය නිලධාරීන් 1116 දෙනෙකු වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත්, මූල්‍ය වශයෙන් එය අප රටට දැවැන්ත පාඩුවක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික සමුළුව අමතමින් ඉකුත් මැයි මස 20 වන දා පැවසුවේ ය.
සෞඛ්‍ය ශ්‍රම බළකායේ සංක්‍රමණ අප රටට ගැටලුවක් වී ඇති බවත්, ඒ හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු විසඳීමේ අවශ්‍යතාවක් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජන තුළ මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදුවී ඇති බවත්, සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බවට විශ්වාස කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙසට ද මෙහිදී ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සමුළුව අමතමින් පැවසුවේ ය.