එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවය.
2016 වර්ෂයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්තාව මෙය වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2016 වර්ෂයෙන් දී එවකට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත විය.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම ඇතුළු සංහිඳියාව ඇතිකිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මහකොමසාරිස්වරයා සිය සංචාරයේ දී අවධානය යොමු කරනු ඇති.