ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙලා තියෙද්දි මෙරට තෙල් මිල අඩු කර නැති බවත් දැන් ඒ මුදල යන්නේ කාගේ සාක්කුවටදැයි හෙලි කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මේ මාසයේ තෙල් මිල සංශෝධනයක් වෙලා නැහැ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙලා තියෙද්දි මේගොල්ලෝ තෙල් මිල අඩු කරලා නැහැ. හැබැයි ඉස්සර නම් කිව්වේ, මෙයාගේ සාක්කුවට යනවා, අරයා කොමිස් ගහනවා, ණය ගෙවන්න මහ බැංකුවට හැම තෙල් ලීටරයකින්ම රුපියල් පනහක් යනවා, අපි ආපු ගමන් ඒක අයින් කරලා මෙච්චර ගානකට දෙනවා , මේවා සිද්ධ වෙලා තියෙන්නේ වංචා දූෂණ නිසා කියලා, එහෙනම් වංචා දූෂණ නැති ආණ්ඩුවක් යටතේ, ලෝක වෙලදපොලේ තෙල් මිල අඩුවෙලා තියෙන අවස්ථාවක, තෙල් මිල අඩු කරන්න බැරි හේතුව මොකක්ද?
එහෙනම් ඒගොල්ලන්ගේ කාලෙත් වංචා දූෂණ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් කාගේ හරි සාක්කුවකට සල්ලි යනවද? එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවට තරහක් තියෙනවා ජනතාවත් එක්ක පළාත් පාලන ඡන්දයේදී ආණ්ඩුවට ඡන්දය දුන්නේ නැහැ කියලා. ආණ්ඩුවට පෙර පොරොන්දු වුණ පරිදි වැඩ කිරීම ආණ්ඩුවේ වගකීමක්.
විදුලි බිල 18% පමණ වැඩි කරන්න යනවා, තෙල් මිල අඩු කරන්නේ නැහැ,බදු අඩු වෙන්නේ නැහැ , බඩු මිල අඩු වෙන්නෙ නෑ. නමුත් ජනාධිපතිවරණයට කලින් කිව්වේ විදුලි බිල තුනෙන් දෙකකට අඩු කරනවා කියලා. මා බැංකුවට යන රුපියල් පනහ තෙල් මිලෙන් අඩු කරනවා කියලා කිව්වා, ඒ විතරක් නෙවෙයි ඉන් ඔබ්බට ගිහිල්ලා ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය කියන අංශ තුනෙන් බදු සහමුලින්ම අයින් කරනවා කියලා කිව්වා. කෝ කලාද?
දිගින් දිගටම මේ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින්, නිසිකලට සැලසුම් හදලා වැඩ කිරීමේ නොහැකියාව , අකාර්යක්ෂමතාවය පෙන්නුම් කරමින් ඉන්නවා
දැන් ජනාධිපතිතුමා පත්වෙලා මාස අටකට වැඩියි. ආයෝජන සත පහක් ඇවිල්ලා නැහැ. එක ඩොලරයක් ඇවිල්ලා නැහැ. අලුත් රැකියා අවස්ථා ගේන ව්‍යාපෘති බිහිවෙලා නැහැ. එක ප්‍රතිඅපනයන අවස්ථාවක්වත් උදා කරගෙන නැහැ. ඒ මදිවට ජනතාවට ලබාදෙනවා කියපු අවම සහනයවත් ලබා දී නැහැ. ආණ්ඩුව ජනතාවගෙන් පළිගැනීමේ වෛරී චේතනාවෙන් නම් දිගින් දිගටම කටයුතු කරන්නේ, ඔබතුමාලාට වෙන්නේ ජන අප්‍රියතාවයට පත් වෙන්නට බව අපි පැහැදිලිව කියන්න ඕනෑ .
බදු සතිය ආරම්භ කිරීමත්, බදු දැල් ලොකුකිරීම හරහා බදු ගෙවිය යුතු අයව හඳුනාගෙන බදු එකතු කර ගැනීම හොඳයි. ඒක හොඳ උනත් යා හැකි සීමාවක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණයේ හැටියට, ආර්ථිකය ප්‍රසාරණය කිරීමට නම්, අනිවාර්යයෙන්ම ආයෝජන රටට ගේන්න ඕන. ඒකෙන් ඩොලර් ආදායම වැඩි කරලා ණය බර අඩු කරන්න ඕන. ඒක කරන්නේ නැතුව රුපියල් වලින් ආදායම් වැඩි කරනවට වඩා ඩොලර් වලින් ආදායම වැඩි කිරීමෙන් තමයි අපේ රට ගොඩදාන්න පුළුවන් වෙන්නේ.
දැන් ජනාධිපතිතුමා රට රටවල් ගණනාවකට ගියා. ඒ එක රටකින් හරි රුපියලක්වත් ඇවිල්ලා තියෙනවද? ගිවිසුම් ගණනාවක් අත්සන් කරලා තියෙනවා, පාර්ලිමේන්තුවට හෙළි නොකරන ගිවිසුම් පවා අත්සන් කරලා තියෙනවා. ඒ එකකින්වත් අපිට ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවද? ඒ වෙනුවට එතුමා පිටරට සංචාරය ගිය රටවල් වලට අපේ දේවල් ලබාදීමට අවශ්‍ය පසුබිම නම් සැකසෙමින් තිබෙනවා. ඉන්දියාවට තෙල් ටැංකි ටික ලබාදෙන්න, හම්බන්තොට රිෆයිනරි එක චීනෙට ලබාදෙන්න , ආරක්ෂක ගිවිසුම් ගහලා තියෙනවා හැබැයි එක රුපියලක්වත් ලංකාවට ඇවිත් නැහැ.
මගේ පෞද්ගලික හැඟීම මේ ආණ්ඩුවේ සෙන්ස් එකක් තියෙන එකම කෙනා ජනාධිපතිතුමා. ඒ නිසා එතුමා experiment කරන්න බයයි. experiment කලොත් අවුල් වෙයි කියලා. එක පැත්තකින් ඒක හරි. ඒක තමයි අපි මැතිවරණයට කලින් කිව්වේ මේගොල්ලො මේ කරනවයි කියලා කියන ඒවා ඔක්කොම බොරු කියලා. එදා අපි කියපු දේ තමයි අද ජනාධිපතිතුමා කරමින් ඉන්නේ.