කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයක නගරාධිපතිවරයෙකු පත් කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ ජන මතයට ගරු කරමින් එක් එක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සිය පක්ෂය කටයුතු කරන බවයි.