ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි

ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි

සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලීසියට පැමිණි පුවතක් වාර්තා වෙයි.

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවී ඇත. 

වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර බිරිඳගේ සිරුර ලදු කැලෑවක් අසල තිබීයදී සොයාගෙන ඇත. 

සිද්ධියෙන් ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චිකුලම ප්‍රදේශයේ ගුරුවරියක් වන 32 හැවිරිදි සුගීර්තරන් ස්වර්ණලතා නම් වෙයි.

සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් පවතින බවත් පොලීසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Derana 

 
 

Search