IMF විස්තීරණ ණය පහසුකමේ ඊළග වාරිකය ලබා ගැනීම සදහා විදුලි බිල 18%කින් වැඩි කළ යුතු බවට වාර්තා වෙන බවත් එය සත්‍යයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම විදුලි බිල 18%කින් වැඩි වන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වාරිකය ලැබෙන දිනය ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.