කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිර යන පුවත් අසත්‍ය බව .
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි.
එසේම අග්‍රාමාත්‍යවරිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.