පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනය අරඹයි !! රසායනාගාර, ඖෂධවේදී ඇතුළු සේවා 05ක වෘත්තිකයන් අද වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනය අරඹයි !! රසායනාගාර, ඖෂධවේදී ඇතුළු සේවා 05ක වෘත්තිකයන් අද වර්ජනයක

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

වැඩවර්ජනය ආරම්භ වන්නේ පෙරවරු 08.00 ටයි.

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මීට පෙර ද එක්දින වැඩවර්ජනයක නිරත වුණා.

 

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයට සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකබද්ධ බල මණ්ඩලය සහාය දක්වන්නේ නැහැ.

එහි විධායක සභික චලිත් අමරදිවාකර මහතා පැවසුවේ වැඩවර්ජනයට හේතු බවට ප්‍රකාශ කරන කරුණු පදනම් විරහිත බවයි.

කෙසේවෙතත් ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ.

Search