ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයේ වෙඩික්කරු යැයි සැකකරන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (ජූනි 4) ඉදිරිපත් කළේ ය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු දැඩි ආරක්ෂාවක් මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී සැකකරු හඳුනාගැනීම පෙරට්ටුවකට සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබු අතර ඔවුන් විසින් සැකකරු හඳුනා ගෙන නොමැති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ත නූජා ලක්මාලීගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබිණි.
එහිදී සැකකරු මේ මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එදිනට නඩුව ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් විවෘත අධිකරණයේ කැඳවීමට නියමිත ය.