සභාපති විනිසුරු ඇතුළු පරීක්ෂණ කමිටුව තමා සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද තමාගේ හෘද සාක්ෂියට අනුව වරදක් කර නොමැති බව විත්තිකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදෙමින් ඊයේ පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරය බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කර පරීක්‍ෂණ කමිටුව ඊයේ රැස්වූ අතර එහිදී සාක්ෂි ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.