බිත්තර කුකුල් මස් මාළු මිල ඉහළට

  බිත්තර කුකුල් මස් මාළු මිල ඉහළට

ඇතැම් ප්‍රදේශවල මේ වන විට බිත්තරයක් රුපියල් 38ත් 40ත් අතර මිල ගෙන තිබේ. කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1350ක් 1400 දක්වා ඉහල ගොස් තිබෙන අතර ශීතකරන වල තබා අලෙවි කරන කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000 දක්වා ඉහල ගොස් ඇත. පසුගිය සතියේ දී බිත්තරයක මිල රුපියල් 28ක් 32ත් අතර මිලක පැවති අතර කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1150ත් අතර මිලක පැවතිණි. ශීතකරන වල තබා අලෙවි කරන කුකුල් මස් කිලෝ එකක් රුපියල් 850මිලක පැවතිණ 

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමට අමතරව මාළු මිලද විශාල ලෙස ඉහල ගොස් තිබේ. හුරුල්ලා බලයා වැනි මාළු සොයා ගැනීමට පවා දුෂ්කර බවද පාරිභෝගික ජනතාව පවසයි

Search