මිද්දෙණියේ ද්විත්ව ඝාතනයක්!! තරුණයින් දෙදෙනකු හිසට වෙඩි තබා ඝාතනය කරයි

මිද්දෙණියේ ද්විත්ව ඝාතනයක්!! තරුණයින් දෙදෙනකු හිසට වෙඩි තබා ඝාතනය කරයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශය් තේක්ක කැලෑවකදී කුලී ඝාතකයන් විසින් තරුණයන් දෙදෙනකුගේ හිස්වලට වෙඩි තබා ඔවුන් ඝාතනය කර ඇත්තේ මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනා කාලයක් තිස්සේ කුඩු ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇති එක් පුද්ගලයකු වන්නේ 26 හැවිරිදි කැලුම් තුෂාර නමැති අයෙකි. ඔහු බෝගස්වැව, තෝරකොළයාය, ඇඹිලිපිටියේ පදිංචිකරුවකු වන අතර විදේශගතව රැකියාවක් කර මෙරටට පැමිණි අයෙකි.

ඝාතනයට ලක්වූ අනෙක් පුද්ගලයා චමල් අබේසේකර නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි. ඇඹිලිපිටියේ පදිංචිකරුවකු වන මොහු වෘත්තියෙන් බස් රථ රියදුරෙකි.

මෙම පුද්ගලයන් දෙදෙනා තෝරකොළයාය ප්‍රදේශයේ තේක්ක කැලයක් වෙත ගෙන්වාගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ඝාතනය සිදුවූ ස්ථානයේ ඔවුන් පැමිණි යතුරුපැදිය ද වැටී තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් මෙම ඝාතනය සඳහා යොදාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතනය සිදු කළ පුද්ගලයන් ඝාතනයට ලක් වූවන්ගේ හිතවතුන් විය හැකි බවත් ඔවුන් මෙම පුද්ගලයන් දෙදෙනා තේක්ක කැලයට කැඳවා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරයි.

aමෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඩුබායි ළහිරු නමැත්තෙකු විසින් බව පොලිසිය පවසයි.

Search