☎️රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.
රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (26) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් නාවලගේ මහතා රත්නපුර නිවිතිගල ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
☎️නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.
නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (25) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කපිල නාකන්දල මහතා අඹගමුව ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.