ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න’- මානව හිමිකම් කොමසාරිස්ගෙන් රජයට බලපෑම්

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න’- මානව හිමිකම් කොමසාරිස්ගෙන් රජයට බලපෑම්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන්නැයි තමා ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසීය.

ශ්‍රී ලංකා සංචාරකයට පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අද (ජූනි 26) මේ බව ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ බව ඔහු සඳහන් කළේ ය.

එසේ ම, සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත වේ යැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කිරීම අගය කරන බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ය

Search