ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය අංශයේ සමාගමක් වන මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (MDL), කොළඹ ඩොක්යාඩ් පී.එල්.සී. (CDPLC) හි බහුතර කොටස් අත්පත් කර ගැනීමට නියමිත බව wionnews.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම පියවර දෙරට අතර සාගර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන වැදගත් උපායමාර්ගික පියවරක් ලෙස එහිදී හඳුන්වාදී ඇත.
කෙසේවෙතත් මේ සමඟ ජපානය කොළඹ ඩොක්යාඩ් අත්හැර දැමීම සිදුවෙයි.
wionnews.com වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇති ආකරයට මැසගොන් ඩොක්, කොළඹ ඩොක්යාඩ් සහ ජපානයේ ඔනොමිචි ඩොක්යාඩ් අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ජුනි 27 අත්සන් කර ඇති අතර ඒ යටතේ MDL විසින් ජපන් සමාගමට කොළඹ ඩොක්යාඩ් හි ඇති පාලන කොටස් අත්පත් කර ගැනීම සිදුවේ.
MDL හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ ඩොක්යාඩ් හි කොටස් අත්පත් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 52.96 නොඉක්මවන ආයෝජනයක්ද අනුමත කර ඇත.
කවුද මේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (MDL) ?
මුම්බායි හි මූලස්ථානය පිහිටා ඇති මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් යනු ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ නැව් අංගනයක් වන අතර එය ‘ජාතියේ නැව් අංගනය’ ලෙසද හැඳින්වේ.
ඔවුන් යුධ නැව්, සබ්මැරීන සහ වාණිජ යාත්‍රා ඉදිකිරීමට විශේෂඥයි. ජුනි 25, 2025 වන විට MDL හි වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇමරිකානු ඩොලර් බිලියන 15.12 ක් පමණ වන අතර සමාගම සම්පූර්ණයෙන්ම පාහේ ණය රහිතයි.
ඔවුන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.13 ක පිරිවැටුමක් වාර්තා කර ඇත.
කොළඹ ඩොක්යාඩ් කාලයක් තිස්සේ මූල්‍ය දුෂ්කරතාවක පසුව ඇති අතර ශ්‍රී ලංකා රජය ඉන්දීය ආයෝජකයින්ට ඩොක්යාඩ් හි ආයෝජනය කිරීමට දිරිගන්වන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිට ඇත.
මෙම අත්පත් කර ගැනීම ගෝලීය වශයෙන් ආයෝජනය කිරීම සඳහා ඉන්දීය කර්මාන්තයේ, විශේෂයෙන් රාජ්‍ය අංශයේ සමාගම්වල ඇති උනන්දුව පෙන්නුම් කරයි.
මෙම වර්ධනය කොළඹ ඩොක්යාඩ් හට සහයෝගය ලබා දෙන අතරම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන අන්තර් සම්බන්ධතා, විශේෂඥ දැනුම හුවමාරු කිරීම, සම්පත් හුවමාරු කිරීම සහ මෙහෙයුම් වර්ධනය සඳහා දායක වනු ඇති බවද wionnews.com වාර්තාවේ සඳහන් ය.
ජපානය ඩොක් යාර්ඩ් හැර යයි.!
