දිනකට ව්‍යාපාර 120ක් වෙන්දේසියේ

දිනකට ව්‍යාපාර 120ක් වෙන්දේසියේ

මේ වන විට අත්හිටුවා ඇති මිලියන පනහට වැඩි ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා වූ පරාටයේ නීතිය ජුනි මස 30 වෙනිදායින් පසු යළි ක්‍රියාත්මක වීමට නියමිතය. එමගින් බොහෝ ව්‍යාපාරිකයන්ගේ දේපළ බැංකු මගින් අත්පත් කර ගැනීම හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රය දැඩි කඩා වැටීමකට ලක් වන බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසයි

 රට බංකොලොත් වීම හේතුවෙන් බොහෝ ව්‍යාපෘති ඇනහිටීම මත තම ව්‍යාපාරයේ කඩා වැටුණු බවක් ඒ හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි වූ බවක් පැවසූ පසු මේ සම්බන්ධයෙන් බැංකු සමඟ සාකච්ඡා කළ ද කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද සඳහන් කළේය ..

පරාටයේ නීතිය යටතේ දිනකට ව්‍යාපාරය 120ක් පමණ බැංකු මගින් වෙන්දේසි කරන බවට වාර්තා වී ඇතැයි ද ණය ගැනීමේදී 12%ක් පැවැති පොලී අනුපාතික එකවරම 30%ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් ණය වාරිකය ඉහළ ගිය බැවින් නිසි ආදායමක් නොමැතිව එය ගෙවා ගත නොහැකි වීමෙන් තමන් අසරණ වූ බවද එවිට බැංකුව පරාටය නීතිය යටතේ තම දේපල අත්පත් කරගන්නා බවද ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙති. ඇතැම් බැංකු ලක්ෂ 80 ණයක් සඳහා කෝටි හතරක් පමණ අගයකින් යුතු දේපල අත්පත් කරගෙන ඇති බවද ඔහු සඳහන් කරති

Search