හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක්ගේ විදෙස් සංචාරවල තොරතුරු ලිපිගනු හා ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි
ඒ අනුව 2005 සිට 2021 දක්වා වසර වලට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්රිපාල සිරිසේන යන දෙදෙනා බලයේ සිටි සම්පූර්ණ කාලය තුළ සිදුකර ඇති විදෙස් සංචාරවල තොරතුරා ජනාධිපති ලේකම් කාර්යාලය නොමැති අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 සිට 2021 දක්වා සහභාගි වූ විදෙස් සංචාරවල ලිපි ලේඛන ද ජනාධිපති ලේකම් කාර්යාලයේ සතුව නොමැති බව සඳහන් වේ.
2022 වසරේ ජූලි 30 සිට 2024 සැප්තැම්බර් 23 වෙනිදා දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්රමසිංහ විදෙස් සංචාර 23 කට සහභාගි වී ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි සීයකට ආසන්න වේ