මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවකට අදාළව, යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ ආච්චි වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදනා භාර දී තිබේ.
2009 වසරේ මාර්තු මස 31 වන දා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාල සීමාව තුළ අනිත් එක ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරනු ලැබ තිබිණි.
මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා හමුවේ භාර දුන්නේය
මුදල් විශුද්ධිකරණයට යෝෂිතට අධි චෝදනා
