ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සමග අවශ්‍ය වන්නේ ඩීල්’- හර්ෂ ද සිල්වා

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සමග අවශ්‍ය වන්නේ ඩීල්’- හර්ෂ ද සිල්වා

ඇමෙරිකා එක්සත් ජනපදය එළැඹෙන 9 වන දා සිට බලපැවැත්වෙන ලෙස අන්‍යොන්‍ය තීරුබදු පැනවීමේදී කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවම බදු ප්‍රතිශතයක් ඇමෙරිකාවෙන් ලබාගැනීම අනිවාර්යයෙන් විය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා  පැවසුවේය.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අන්‍යොන්‍ය බදු සම්බන්ධව ජයග්‍රහණය තිබෙන්නේ ශ්‍රී ලංකාව අනිත් රටවල් සමග සාපේක්ෂව තරගකාරී තීරු බද්දක් ලබාගතහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් තීරු බදු සියයට 44ක් බවත් ඉන්දියාවට සියයට 26ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පැවසීය.

ඒ අනුව, ශ්‍රී ලංකාව එම ඇමෙරිකන් තීරුබදුවල ප්‍රතිශතය අවම කරගත්තත් එය ඉන්දියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමග තරගකාරී නොවන්නේ නම් ගැටලුකාරී තත්ත්වයක් උදාවන බව ඔහු කීය.

ඇමෙරිකාවෙන් පනවන අන්‍යොන්‍ය බදු ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට අඩු වුවහොත් නිශ්ඵල වන බවත් ඔහු කීය.

මෙම ඇමෙරිකානු අන්‍යොන්‍ය බදු ගැන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් සාර්ථක වීමට නොහැකි වුවහොත් අප රට පරාද බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

මේ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සමග අවශ්‍ය වන්නේ “ඩීල්” බවත් මන්ත්‍රිවරයා පැවසූ අතර එවැනි “ඩීල්” මේ දක්වා වී ඇති බවක් නොපෙනෙන්නේ යැයි පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් දැවැන්ත ආර්ථික ප්‍රතිසංවිධාන කිරීමට දැන් අවස්ථාව ලැබී ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට ප්‍රතිපත්තිවල දැඩි අවශ්‍යතාව මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

Search