කෙහෙළිය ඇතුළු දොළොස් දෙනෙකුට අධි චෝදනා 13ක්

කෙහෙළිය ඇතුළු දොළොස් දෙනෙකුට අධි චෝදනා 13ක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හියුමන් හිමියුනෝග්ලොබීන් නම් ඖෂධය මිලදී ගැනීමේදී සිදු කරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍යයක් කෙහෙළිය රඹුක්වැල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ   පෙලේ නිලධාරින් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 13ක් ඉදිරිපත් කර ඇත..

 

නීති විරෝධී ආකාරයට වංචනික ලෙස අදාළ ඖෂධ මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි දාහතරක පාඩු කිරීම සහ ඒ සඳහා ඉහළ පෙළේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කිරීම එම ඖෂධ වෙනුවට වෙනත් ද්‍රාවණයක් සැපයීම හා ඊට ආධාර අනුබල දීම යන කරුණු වලට අදාළව මේ අධි චෝදනා 13 කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ භාර දුන් බව වාර්තා වෙයි

Search