හිටපු පොලිස් ඇමති ටිරාන් අලස්ට ඩුබායිහි ඉන්න පාතාලයකුගෙන් මරණ තර්ජන.

හිටපු පොලිස් ඇමති ටිරාන් අලස්ට ඩුබායිහි ඉන්න පාතාලයකුගෙන් මරණ තර්ජන.

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඊයේ 2025/07/05 දින ඩුබායි හි සිට පාතාල නායකයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණීය තර්ජන එල්ල කර  ඇත.විශේෂයෙන්ම ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින සියළුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් නැවත මෙරටට ගෙන්වීමට  අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මරණ තර්ජනය කර ඇත.

මේ වනවිට මේ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති අතර මරණීය තර්ජනය පිලිබදව පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ 
කර ඇත

Search