පුංචි ආණ්ඩු ගහපු ගැහිලි එළියට...

පුංචි ආණ්ඩු ගහපු ගැහිලි එළියට...

පළාත් පාලන ආයතන වල පෙර පැවති පාලනයන්හිදී සිදුවී ඇතැයි කියන වංචා දූෂණ පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හා ජනාධිපතිවරයාට දිගින් දිගටම පැමිණිලි ගලා එමින් පවතින බව වාර්තාවේ ..

ඒ අනුව පළාත් පාලන ආයතන වල සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමටත් දැනට සිටින සභිකයින්ට උපදෙස් ලබා දීම සඳහා පලපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා ගත් බව රජය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් පැවසීය.

 මේ කමිටුවලට විශ්‍රාමලත් ඝණකාධිකාරීවරු හා විගණන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් පත් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

 විශේෂයෙන් කොළඹ ,ගම්පහ, මහනුවර අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික් ගණනාවක පිහිටි ප්‍රධාන පළාත් පාලන ආයතන වල ටෙන්ඩර් පැවරීම අලුත් වැඩියා කිරීම සම්පත් කුලියට දීම ඇතුළු මුදල් උපයන කරුණුවලදී වංචනික ක්‍රියාරාශියක් සිදුවී ඇති බවද චෝදනා ඉදිරිපත් වී ඇත ..

 එමෙන්ම ඉදිකිරීම් කටයුතුවලදී හා බදු දීම් වලදී බලධාරීන්ගේ හිතවතුන්ට ඒවා ලබා දී ඇති බවද පැමිණිලි රාශියක් ලැබී ඇතැයි කී එම ප්‍රකාශකයා ඊට හොඳම උදාහරණය කොළඹ මහ නගර සභාවේ 
රථ ගාල් බදු දීමේ සිද්ධිය බවද සඳහන් කළේය .

මේ වන විට පළාත් පාලන ආයතන 209ක බලය ජාතික ජන බලවේගය ට හිමි වී ඇති අතර බහුතරයක් නැති ආයතන හැට තුනක්ද බලය ජාතික ජන බලවේගයට හිමිව ඇත. ප්‍රධාන පෙළේ සියලු පළාත් පාලන ආයතනවල සිදුවී ඇති වංචා මෙම ස්ථාපිත කර ඇති කමිටුව මගින් රජයට වාර්තා කරනු ඇතැයි පැවසේ

Search