UPDATE-අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකුට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ 21 හැවිරිදී දියණිය අද නීතිඥවරයකු මාර්ගයෙන් කුරුඳුවත්ත පොලිසියට භාරවීමෙන් පසු ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ දියණිය පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකුට මෙලෙස තර්ජනය කළ බව කුරුඳුවත්ත පොලිසිය පවසයි