වී අලෙවි මණ්ඩලය 2024/25 මහ කන්නයේදී මිලදී ගත් මෙට්‍රික් ටොන් 59 ක වී තොගය ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟයකදී ප්‍රයෝජනයට ගැනීමට එම මණ්ඩලය සැලසුම් කර ඇත.
ඉකුත් මහ කන්නයේදී මණ්ඩලයට ලැබුණු වීවලින් වැඩි ප්‍රමාණයක් නාඩු වී වේ. කීරි සම්බා වී සුළු ප්‍රමාණයක් ද ගොවීන් මණ්ඩලයට අලෙවි කර තිබේ.
මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවැසීය.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව වී මෙට්‍රික් ටොන් 210,000 ක් පමණද, සතොස ගබඩාවල වී මෙට්‍රික් ටොන් 60,000 කට අධික ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ඇතැයි ද ඔහු කීවේය.
යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා රජය රුපියල් බිලියන හයක මුදලක් ලබාදී ඇති බවද ඔහු පැවැසීය.
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා උතුරු පළාතේ සහ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල වී ගබඩා කීපයක් විවෘත කර තිබෙන බවද ඉදිරි දිනවලදී විවෘත කරන ගබඩා සංඛ්‍යාව වැඩිකරන බවද සභාපතිවරයා කීවේය. කෙසේ නමුත්, කීරි සම්බා සහල් වෙනුවට ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය සැලසුම් යොදා ඇත