හෘද සැත්කම් සඳහා යොදාගන්නා පැපවේරීන් ඖෂධය රුපියල් 321 ක් වැනි සුළු මුදලකට මිලදී ගැනීමට අමාත්‍යංශයට හැකියාව තිබුණත් එසේ නොකිරීම නිසා රුපියල් 76,000ක් ගෙවා එම ඖෂධය ලබා ගැනීමට රෝගීන්ට සිදුවී ඇතැයි වාර්තාවේ..
පෞද්ගලික අංශය මගින් මෙතරම් විශාල මුදලකට මෙම ඖෂධය ගෙන්වා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව බවද පසුගිය සතියේ කොළඹදී පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත..
ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ඖෂධ ආනයනය කරනවන්ගේ සංගමය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව පවත්වන ලද සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇත.
එමෙන්ම වසර ගණනාවක් තිස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමකින් තොරව මෙම ඖෂධය මෙරටට ගෙන්වා ඉහළ මිලකට අලෙවි කිරීම පිළිබඳ රහස් පොලීසිය මගින් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත