තාත්තා අත්අ­ඩං­ගු­වට ගත්තත් නැතත් ආණ්ඩුව පෙර­ළ­නවා -රාජිතගේ ලොකු පුතා කියයි

තාත්තා අත්අ­ඩං­ගු­වට ගත්තත් නැතත් ආණ්ඩුව පෙර­ළ­නවා -රාජිතගේ ලොකු පුතා කියයි

තම පියා අත්අ­ඩං­ගු­වට ගත්තත් නැතත් වර්ත­මාන ආණ්ඩුව පෙරළා දමන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී චතුර සේනා­රත්න මහතා පව­සයි. රාජිත සේනා­රත්න යනු අල්ලස් පනත ගෙන­ඒම සඳහා පෙර­මුණ ගෙන කට­යුතු කළ අයෙක් බව ද හෙතෙම පැවැ­සීය.

 

ඉති­හා­සය විසින් රාජිත සේනා­රත්න මහතා නිදොස් කොට නිද­හස් කරනු ඇති බවද කී ඒ මහතා මීට පෙරද අද මෙන්ම චෝද­නා­වන්ට තම පියා ලක් කළ බවත් අධි­ක­ර­ණය විසින්ම ඔහුව නිදොස් කොට නිද­හස් කර ඇති බවත් කියා සිටි­යේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) පෙර­ව­රුවේ අධි­ක­ර­ණය හමු­වට පැමි­ණී­මෙන් පසු මාධ්‍ය වෙත අද­හස් පළ කර­මිනි.

Search