2015-2024 කාලයේ තේ අලෙවි මණ්ඩලයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (14) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියේය. මේ අක්රමිකතාව සම්බන්ධයෙන් ඇමැතිවරයා ලෙස සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ විමසීමට මෙසේ ඇමැතිවරයා කැඳවා තිබේ. 2015-2024 සිට තේ මණ්ඩලයේ මුදල් තේ ප්‍රවර්ධනය කිරීමට බව කියමින් රුපියල් මිලියන 1,765ක් වැය කර ඇති අතර එම මුදල් දැන්වීම් හා වෙබ් සයිට් සකස් කිරීමට වැය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශ ලබා ගෙන තිබේ.
රටවල් 25ක ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කිරීම සඳහා එම මුදල් වැය කර ඇති අතර ලෝකයේ කිසිදු රටක එම දැන්වීම් ප්‍රචාරය වී නැති බවට අල්ලස් කොමිසමට සිදු කරන විමර්ශනයේදී හෙළිව තිබේ. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් වෙබ් සයිට් එක හැදීමට ඩොලර් ලක්ෂයක් සහ එය පරිවර්තනය කිරීමට ඩොලර් ලක්ෂයක් ලෙස ලක්ෂ හතක් භාෂා පරිවර්තන සඳහා ගෙවා ඇති අතර එම මුදල්වලට සිදු වූ දේ සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබයි.