රජයේ දේශපාලන දඩයමට යටනොවී මේ රටේ අධිකරණ පද්ධතිය උත්තරීතර නීතියට අනුව ස්වාධීනව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට එරෙහිව රුපියල් කෝටි 10ක් වටිනා සුඛෝපභෝගී වාහනයක් නීතිවිරෝධීව එකලස් කිරීමේ චෝදනාව යටතේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොනුකළ නඩුවට සහභාගි වීම සඳහා ඊයේ (16දා) අධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා මෙසේ ද කීවේය.
පසුගිය මැතිවරණවලදී මා වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටි පුද්ගලයන් දේශපාලන දඩයමකට ලක් කිරීමට මෙම රජය උත්සාහ ගන්නවා. ඒ නින්දිත උත්සාහය පරාජය කිරීමට අපි එකාවන්ව හිටගන්නවා.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
හොරු අල්ලනවාට, වංචාව පිටුදකිනවාට අපි විරුද්ධ නැහැ. ඊට අපි අපේ සහයෝගය ලබා දෙනවා. නමුත් හොරු ඇල්ලීම පිට දාල විපක්ෂය මර්දනය කිරීමට අපි ආණ්ඩුවට ඉඩදෙන්නේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් පාර්ලිමේන්තුව තුළ හඬනඟන, කතා කරන මන්ත්‍රීවරු හිර කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව වැඩ කරනවා වෙනුවට දඩයම් කිරීමට පටන්ගෙන තියෙනවා. පොලිසිය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුනරුද ආණ්ඩුවේ අතකොළු බවට පත්වෙලා