ඕස්ට්‍රේලියාවෙන් කිරි හරක් ගේන්න සමාගමට ඩොලර් කෝටියක් ගෙවලා එකෙකුවත් ගෙනත් නෑ

ඕස්ට්‍රේලියාවෙන් කිරි හරක් ගේන්න සමාගමට ඩොලර් කෝටියක් ගෙවලා එකෙකුවත් ගෙනත් නෑ

 මෙරට ගොවි ජනතාවට කිරි ගවයන් ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9ක ඕස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරම් මුදල් වශයෙන් දී එකදු කිරි ගවයකු හෝ ආනයනය නොකර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ පැමිණිල්ලක් ගොනු කළ රහස් පොලිසියේ ඊයේ පැවසීය...


 ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් 2017 වසරේදී මෙම කිරි ගවයෙන් ආනයනය කිරීමට ඕස්ට්‍රේලියාවේ වෙලාස් රුලේ නැමති සමාගමකට අත්තිකාර මුදල වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 11.9ක් ගෙවා කිසිදු ගවයකු නොගෙන් වා රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අපරාධයක් අනාවරණය වන්නේ නම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන දොළහක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිත බවත් එහිදී රහස් පොලීසිය සඳහන් කළේය

Search