සීනි හිඟ බදු කෝටි 239 පනී...

සීනි හිඟ බදු කෝටි 239 පනී...

මෙරටට සීනි ආනයනය කරනු ලබන ආනයනකරුවන් 12 දෙනකුගෙන් රුපියල් දෙසිය තිස්නම කෝටි පනස්හත් ලක්ෂ තිස්හතරදහස් හත්සිය අසූනවයක (2,395,734,789) හිඟ බදු මුදලක් ඉකුත් වර්ෂයේ (2024) දෙසැම්බර් මස 31 දිනට අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

සීනි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් මෙම ආනයනයකරුවන් විසින් සීනි ආනයනය කිරීමේ දී උපයා තිබූ ලාභය සඳහා දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් වෙත ආදායම් බදු නිසි ලෙස ගෙවා ඇති ද යන්න පිළිබඳ විමර්ශනයක් කරන ලෙස කෝප් කමිටුව මගින් දැනුම් දී තිබුණි. ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීම සඳහා දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටුව විසින් සීනි ආනයනය කරනු ලබන මෙකී ආනයනකරුවන් 12 දෙනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරනු ලැබීය. ඒ අනුව සීනි ආනයනකරුවන් 10 දෙනකුට අදාළව විශාල බදු නොවන (විමර්ශන) අංශය විසින් හා විශාල බදු (විමර්ශන) අංශය විසින් සිදුකළ පරීක්ෂාවේ දී රුපියල් අසූනමකෝටි හැටඅට ලක්ෂ පනස්අටදහස් එකසිය විසිපහක (896,858,125) අතිරේක බදු තක්සේරු නිකුත් කර තිබුණි. ඉතිරි ආනයනයකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මෙම කාල සීමාවේ දී සීනි ආනයනය කර නොමැති බවත් අනෙක් ආනයනකරු සම්බන්ධව අතිරේක බදු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාවද්‍ය ප්‍රකාශ හඳුනා ගෙන නොමැති බවත් පරීක්ෂණ කමිටුව විසින් වාර්තා කර තිබුණි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත

Search