රෝගීන් පීඩා­වට පත් නොකර ඖෂ­ධ­වේදී හිඟ­යට පිළි­යම් සොයමු -විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

රෝගීන් පීඩා­වට පත් නොකර ඖෂ­ධ­වේදී හිඟ­යට පිළි­යම් සොයමු -විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

උද්ඝෝ­ෂණ නොකර රෝගී ජන­තා­වට පීඩා නොවන ආකා­ර­යට ඖෂ­ධ­වේදී හිඟ­යට පිළි­යම් සොයමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව කියා සිටියේ පෙරේදා (19) ‘පුර­වැසි හඬ’ වැඩ­ස­ට­හන යටතේ සමස්ත ලංකා පෞද්ග­ලික ඖෂධ ශාලා හිමි­යන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන් සමඟ විපක්ෂ නායක කාර්යා­ල­යේදී පැවති හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නාය­ක­ව­රයා මෙසේ ද කීවේය.

“ෆාම­සි­ය­කින් නිය­මිත මාත්‍රා­ව­ලට අනුව ඖෂධ දීම නිපු­ණතා ක්‍රියා­දා­ම­යක්. එය වැද­ගත් ක්‍රියා­දා­ම­යක්. රජයේ රෝහ­ල්වල පවා ඖෂ­ධ­වේ­දීන්ගේ හිඟ­යක් තිබෙ­නවා. එම නිසා ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් නිවැ­රදි තැන සිට­ගත යුතුයි. ඖෂ­ධ­වේ­දි­යාගේ ක්‍රියා­ව­ලිය නිපු­ණතා සහිත ක්‍රියා­ව­ලි­යක් නිසා ඒ සුදු­සු­කම සහිත අයෙක් ක්‍රියා­ත්මක කළ යුතුයි.

5000කට ආසන්න ඖෂධ ශාලා තිබු­ණත් මේවාගේ බහු­ත­ර­යක ඖෂ­ධ­වේ­දීන් නෑ. මේ ගැට­ලු­වට විස­ඳු­මක් ලැබෙන කාල­රා­මු­වක් සහිත වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි. මේ ගැට­ලු­වට උත්ත­රය ෆාමසි වැසීම හෝ සිතූ සිතූ ආකා­ර­යට වැඩ කිරීම නොවේ. මේ ගැටලු මුල්ක­ර­ගෙන පාරට බැස්සොත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට වාසි වුවත් ජන­තා­වට වාසි නොවන නිසා මේවා මුල් කර­ගෙන පාරට බැසීම නොක­රන ලෙස ඉල්ලා සිටි­නවා.

පොදු ජන­තාව ගැන සිතා කට­යුතු කළ යුතුයි. මේ සම්බන්ධ වැඩ­පි­ළි­වෙ­ළක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර­නවා. මේ හිඟය නැති වන­තුරු මැද තැනක සිට කට­යුතු කරන්න කියා ඉල්ලා සිටි­නවා. ඒ සඳහා උසස් පෙළ සමත් අය පොරොත්තු ක්‍රම­වේ­දය තුළ අත­ර­මැදි පුහු­ණු­ව­කට ලක් කර අධී­ක්ෂ­ණය යටතේ සේව­යට යොදා ගන්නා ලෙස ඉල්ලා සිටි­නවා.”

Search