පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගත්තාට මෛත්‍රී, ගෝඨාභය, රනිල්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න..... කතෝලික සභාව රජයෙන් ඉල්ලයි

 පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගත්තාට මෛත්‍රී, ගෝඨාභය, රනිල්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න..... කතෝලික සභාව රජයෙන් ඉල්ලයි

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රදානී නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමෙන් නොනැවතී හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කතෝලික සභාව අවධාරණය කරයි.

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීම පිළිබඳ කාදිනල් වහන්සේ සහ කතෝලික පල්ලියේ ප්‍රසාදය පළ කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී
ජාතික සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ පැවසූහ ..

  එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෙසේද කීවේය..

අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීම පිළිබඳව. මෙතැනින් නොනැවතී ඔහුට තවත් දඬුවම් දිය යුතුයි. පාස්කු ප්‍රහාරයදා මෛත්‍රී පාල සිරිසේන සිංගප්පූරුවට යෑම   පිළිබඳවත් නිලන්ත ජයවර්ධන ගෙන් ප්‍රශ්න කළ යුතුයි..

20141121 afp MaithripalaSirisena 1200x550

Search