සිවිල් ආරක්ෂකයෝ දස දහසක් පොලිසියට

සිවිල් ආරක්ෂකයෝ දස දහසක් පොලිසියට

සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් දස දහසක් පොලිස් සේවයට එක් කර ගැනීමට සැලසුම් කර සිටින බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවැසීය.

 

පොලිසියේ පවතින පුරප්පාඩු හා රාජකාරී අවශ්‍යතාව මත සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා කීවේය.‍

 

මොවුන්ව ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් ලෙස බඳවා නොගන්නා බවත් සිවිල් ආරක්ෂක සාමාජිකයන් වශයෙන්ම පොලිසියට සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ සේවය ලබාගන්නා බවත් හෙතෙම කීවේය.

 

මේ අනුව මහජන සාමය ආරක්ෂා කිරීම්, මාර්ග බාධක රාජකාරී හා පොලිසියේ අභ්‍යන්තර රාජකාරී සඳහා මෙම නිලධාරීන් යෙදවීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර සිටියි.

 

මේ අතර පොලිසියේ උප පොලිස් පරික්ෂක සහ කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීම් ද මේ වනවිටත් ආරම්භ කර ඇත

Search