ක්ෂුද්‍ර-කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යව­සා­ය­ක­යන් සවි­බල ගන්වන්න -විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

ක්ෂුද්‍ර-කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යව­සා­ය­ක­යන් සවි­බල ගන්වන්න -විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් වෙනු­වෙන් රජය මැති­ව­රණ සමයේ පෙන්වූ ආද­රය දැනුත් පෙන්වා ඔවුන් සවි­බල ගන්ව­න්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පව­සයි.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව කියා සිටියේ පසු­ගි­යදා (26) විපක්ෂ නායක කාර්යා­ලයේ දී Citizens Voice වැඩ­ස­ට­හන යටතේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් සහ ව්‍යව­සා­ය­ක­යන් පිරි­සක් සමඟ පැවැති සාක­ච්ඡා­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නාය­ක­ව­රයා මෙලෙස ද කීවේය.

“අප රටේ ආර්ථි­ක­යට දැවැන්ත ශක්ති­යක් දෙන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් සහ ව්‍යාපා­රි­ක­යන් හමුවී ඔවුන්ගේ ගැටලු විමසා බැලූවා. පරාටේ නීතිය ක්‍රියා­ත්මක වීම පසු­ගිය කාලයේ තාව­කා­ලි­කව අත්හි­ටු­වී­ම­කට ලක් වුවත් ඒ කාලයේ සිදු විය යුතු ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සිදු නොවී­මත්, පාස්කු දා ප්‍රහා­රය, කොවිඩ් සහ බංකො­ලො­ත්භා­වය නිසා අස­රණ වූ මොවුන්ට රාජ්‍ය මැදි­හ­ත්වීම හරහා සහන නොලැබී යෑමත් සිදුව තිබෙ­නවා. මේ කර්මා­න්ත­ක­රු­වන් වෙනු­වෙන් තව­දු­ර­ටත් හඬ­නඟා මොවුන්ගේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් දීමට පොරොන්දු වූ වත්මන් රජය වග­වී­මට සහ වග­කී­මට ලක් කර­නවා.

අප රටේ ආර්ථික වර්ධ­න­යට 50%කට වැඩි දාය­ක­ත්ව­යක් දෙමින් ලක්ෂ ගණ­නා­ව­කට රැකී රක්ෂා දෙන සත්‍ය වශ­යෙන්ම ආර්ථි­කයේ කොඳු නාර­ටිය වූ මේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන්ට මැති­ව­රණ සමයේ පෙන්වූ ආද­රය ක්‍රියා­වට නංවන්න කාලය එළැඹ තිබෙ­නවා. මොවුන්ගේ දාය­ක­ත්වය ආර්ථික වර්ධ­න­යට අව­ශ්‍යයි. මේ වන විටත් පව­ත්වා­ගෙන යා යුතු ආර්ථික වර්ධන වේගය පව­ත්වා­ගෙන යෑමට නොහැකි වී තිබෙ­නවා. 2028දී ණය ගෙවී­මට නොහැකි වුව­හොත් නැවත වරක් බංකො­ලො­ත්භා­ව­යට පත්වෙ­නවා.”

Search