ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් 99%ක්ම රනිල් හද­පුවා -නාමල් රාජ­පක්ෂ

ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් 99%ක්ම රනිල් හද­පුවා -නාමල් රාජ­පක්ෂ

වත්මන් ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් 99%ක්ම රනිල් වික්‍ර­ම­සිංහ මහතා හද­පුවා යැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා රත්න­පු­රදී ඊයේ (27) පැවැ­සීය.

ආණ්ඩුව තමන්ගේ පැවැ­ත්මට අදා­ළව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ගැන කතා කළත් අනා­ගත පර­පුර ගැන සිතා නව අධ්‍යා­පන ක්‍රම­වේ­ද­යක් පිළි­බඳ කතා කරන්නේ නැතැ­යිද හෙතෙම කීවේය. පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා මෙසේ ප්‍ර‍කාශ කර සිටියේ රත්න­පුර, එරත්න හා පැල්මඬුල්ල යන ප්‍රදේ­ශ­වල සංවි­ධාන කර තිබූ පක්ෂ ක්‍රියා­කා­රීන්ගේ සාකච්ඡා කිහි­ප­ය­කට පෙර සබ­ර­ග­මුව මහ සමන් දේවා­ළ­යට පැමිණ දේව ආශී­ර්වා­දය ලබා ගැනී­මෙන් අන­තු­රුව මාධ්‍යට අද­හස් දක්ව­මිනි.

මෙහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ නාමල් රාජ­පක්ෂ මහතා මෙසේද පැවැ­සීය.

‘‘අපි බලන්න ඕනි මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය හදපු ඒව­දම කියල. ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් 99%ක්ම තිබෙන්නේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය හදපු කාරණා. මේකත් ඔහුගේ ප්‍රති­ප­ත්ති­යක් කියන සැකය අපට තිබෙ­නවා. අපිට පේන්නේ අග්‍රා­මා­ත්‍ය­ව­රි­යත් වෙන නමක් දාලා අර ප්‍රපෝ­සල් එකම ගෙනත් කියන එකයි. ආණ්ඩුව හිත­නවා නම් ජේවීපී එකට අවශ්‍ය විදිහේ අධ්‍යා­පන ක්‍රම­යක් මේ රටේ බිහි­විය යුතුයි කියලා ආණ්ඩු­වට යෝජනා දෙකක් ඉදි­රි­පත් කරන්න කැම­තියි. එකක් තමයි මුලින්ම ළම­යින්ට උග­න්වන්න පුළු­වන් විදි­හට ගුරු සංවි­ධාන ටික හදා ගන්න කියන එක. අනික් කාර­ණය නම් විශ්ව­වි­ද්‍යා­ල­වල නව­ක­ව­ධය දෙන තමන්ගේ ශිෂ්‍ය සංවි­ධාන ටික හදා ගන්න කියන එක. ආණ්ඩුවේ ශිෂ්‍ය සංවි­ධාන තමයි නවක වධය දෙන්නේ. අලුත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ගේන­ව­නම් මෙත­නින් පටන් ගන්න කියලා ආණ්ඩු­වට යෝජනා කර­නවා යැයි හෙතෙම කීවේය.

Search