රජයට අයත් ආයතන 2ක් වන පැල්වත්ත සෙවනගල සීනි කර්මාන්තශාලා 2 අප රටට සම්පතක් වුවත් මේ මොහොත වන විට අවස්ථා ගණනාවකදී මේ ආයතන 2 මුහුණපාන ගැටලු ගැන රටත් රජයත් ජනතාවත් ආණ්ඩුවත් දැනුවත් කළත් දිනෙන් දිනම මෙම ආයතන 2 පරිහානිය කරා යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.*
පැල්වත්ත සීනි සමාගම මාස 9කින් EPF ගෙවා නැති බවත් ගෙවිය යුතු සම්පූර්න මුදල රු. ලක්ෂ 3240ක් බවත් මේ නිසාම මාස 3ක EPF අධිභාරයක් ලෙස රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බවත් ලංකා බැංකුවෙන් 2024 අගොස්තු මාසයේ රු. ලක්ෂ 5000ක ණයක් ගෙන ඇති බවත් 2024 නොවැම්බර් මාසයේ රු. ලක්ෂ 10000ක ණයක් මෙන්ම පසුගිය දිනකද තවත් ණයක් ගෙන වැටුප් ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ මොහොත වන විට ගොවීන්ට රු. ලක්ෂ 3000ක් ද සැපයුම්කරුවන්ට රු. ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් පැල්වත්ත සමාගමේ 3795ක් සේවය කරන බවත් දළ වශයෙන් ගොවීන් 5700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සෙවනගල සමාගම ද ගොවීන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත් රු. ලක්ෂ 150ක EPF ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන් වෙත රු. ලක්ෂ 1000ක් ද රජයට වැට් ලෙස රු. ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් සේවකයන් 1300ක් ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් පෝෂණය වන බවත් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක් ද ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නිසා මෙම සමාගම් 2ම බරපතල අර්බුධයකට ලක්ව ඇති බවත් මේ ආයතන 2 ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ විට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසුවත් මේ මොහොත වන විට මෙම සමාගම් 2 වර්තමානය සහ අනාගතය ගැන ගැටලුවක් මතුව තිබෙන බවත් අකාර්යක්ෂම රාජ්‍ය පාලනය තුළ මේ ආයතන 2 දිනෙන් දිනම පරිහානියට ලක්වන මොහොතක රජයත් විෂයභාර ඇමතිවරයාත් මේ ගැටලුව මගහැර නොයා මෙම ආයතන 2 ආරක්ෂා කර ගන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ ආයතන 2 සුරක්ෂිතභාවය වෙනුවෙන් ගොවියන් වෙනුවෙන් සේවයකයන් වෙනුවෙන් සමගි ජන බලවේගයත් තමාත් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
https://youtu.be/YqOQW1czXuw?si=fHB0fHzar-o8NZv5
රජයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා අනතුරේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
