ජනතා අපේක්ෂා බිඳ වට්ටවා ආර්ථිකය කඩා වැටී අකාර්යක්ෂම දුර්වල පාලනයක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් ඒ නිසා ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුවට අයි.එම්.එෆ්. සමග සාකච්ඡා කර ජනතාවට සහන සැලසීම සඳහා කොන්දක් නොමැති බවත් පනවා ඇති වැට් බදු ඉවත් කරන ලෙස විපක්ෂය විටින් විට යෝජනා කළත් රජය ඊට කිසිදු විසඳුමක් දී නොමැති බවත් හෙතෙම කීය.
මේ නිසා ජනතා අපේක්ෂා බිඳ වැටී ආර්ථිකය කඩා වැටී ඇති බවත් ගොවියා රකිනවා, දුප්පත්කම තුරන් කරනවා, රාජ්‍ය ආයතන රකිනවා කියූ රජය අකාර්යක්ෂම දුර්වල පාලනයක් හරහා රාජ්‍ය ආයතන කඩන් වට්ටවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව සූදානම් නැතිනම් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා දින විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.