ලෝකයේ විශාලතම කලාගාරය සහ “බිග්බෙන්” පන්නයේ ඔරලෝසුවක් ඉදිකරමින් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ “පෝර්ට් සිටි” සමාගම තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වේ. මීට අදාළව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එම ආයෝජනයට වසර විසි පහකට බලපාන පරිදි බදු සහන ප්‍රදානයක් ද රජය විසින් සිදුකර ඇත. මෙම ඉදිකිරීමේ සැලසුම අනුව දැවැන්ත කුලුනු දෙකක් මුලින්ම ඉදිකරනු ලබයි.
ඉන් එක් කුලුනක ලොව විශාලතම සිරස් කලාගාරය නිර්මාණය කෙරේ. අනෙක් කුලුනෙහි තරු 7 ක හෝටලයක් සහ නිවාස ඇතුළු තවත් ආයතන රාශියක් ස්ථාපිත කිරීමට නියමිතය. මේ සඳහා වන ආයෝජනය ඇමෙරිකන් ඩොලර් කෝටි 540 (පන්සිය හතළිහකට) අධිකය.
මෙම පරිශ්‍රයේ ඉදිකරන කලාගාරය එම වර්ගයේ ලොව පළමු කලාගාරය වන බැවින් එය ගිනස් වර්තා පොතට ඇතුළත් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබිණි.