අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන බවත් මේ පිරිපුන් පුරවැසියා නිර්මාණය කරනවා නම් අධ්‍යාපන ක්රමයේ සෘජු සම්බන්ධතාවක් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළෙ ඉල්ලුම සැපයුම හා තිබිය යුතු බවත් විවිධ ක්ෂේත්‍ර හා වෘත්තීන්ට ගැලපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නට හැකි විය යුතු බවත් සහනාධාර මත යැපෙන්නේ නැති උසස් පුරවැසියකු බිහි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ආදී යම් යම් ක්ෂේත්රවල දෙපයින් නැගී සිටිය හැකි පුරවැසියන් නිර්මාණය වන නමුත් අනෙකුත් ක්ෂේත්රවල එවැනි දෙයක් නොවන බවත් අධ්‍යාපනය තුළ තරගය ඇති කරන විට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත විය යුතු බවත් එසේම නිදහස් අධ්‍යාපනයෙන් විරැකියා පෝළිය ඇති වීම නැති කළ යුතු බවත් මේ සමාජ අසාධාරණය නැති කර නිදහස් අධ්‍යාපනය මීට වඩා ශක්තිමත් කළ යුතු බවත් සම්පත් විෂමතාව දුරුකළ යුතු බවත් රාජ්‍ය ආයෝජන වෙනත් සම්පත් උපයෝගී කර ගෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ Citizen Voice වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කරමිනි.*
අද වන විට රැකියා විරහිත උපාධිධාරීන් 40000ක් පමණ සිටින බවත් වසරින් වසර මේ ක්‍රමය වැඩි වන බවත් නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරන ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථාවලට ද අවස්ථාව ලබා දිය යුතු බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මැද මාවත බවත් නිදහස් අධ්‍යාපනය දියුණු කර ගමන් සිසු පරපුරට විකල්ප අවස්ථා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
කොතලාවල වැනි පෞද්ගලික විශ්වවිද්‍යාවලට තහංචි දැමූ විට අප රටේ සිසුන් විදේශ රටවලට පවා යන බවත් අධ්‍යාපනය යනු මානව අයිතියක් බැවින් මේ අයිතිය සුරක්ෂා කළ යුතු බවත් ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතය සෑම දෙයක්ම කටපාඩමින් සිදු කරන නිසා මෙය වෙනස් විය යුතු බවත් එම නිසා මේ ක්‍රමය වෙනස් කර ප්‍රශ්නවලට විසදුම් සපයන පුද්ගලයන් බිහි කළ යුතු බවත් සෑම දෙයක්ම විභාගය මත පදනම් නොවිය යුතු බවත් මේ සෑම දෙයකම මිශ්‍රණයක් සිදු විය යුතු බවත් විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් නොකර මිශ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සෞන්දර්ය, කලාව වැනි දේවල් ද අත්‍යාවශ්‍ය බවත් කිසිසේත්ම නිදහස් අධ්‍යාපනය ගැන සාකච්ඡා අවශ්‍ය නොවන බවත් නිදහස් අධ්‍යාපනය අනිවාර්ය විය යුතු බවත් පැරණි නූතනවාදී නොවන යල්පැනගිය විරැකියා වැඩි කරන අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් එම නිසා ප්‍රතිසංස්කරණ විය යුතු බවත් මෙහි දී අධ්‍යාපනයේ මානව සම්පත ගැන පවා සිතිය යුතු බවත් මොවුන්ගේ ආත්ම තෘප්තිය වැඩි වන ආකාරයට ගැටලුවලට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නූතනවාදී කරන අධ්‍යාපන ප්රතිසංස්කරණයක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
